13 හැවිරිදි දැරියක් අපයෝජනය කළ දෙදෙනෙකුට යාපනය මහාධිකරණය දඩුවම් නියම කරයි | ඇස පාදන රැස


13 හැවිරිදි දැරියක් අපයෝජනය කළ දෙදෙනෙකුට යාපනය මහාධිකරණය දඩුවම් නියම කරයි

 ඡායාරූපය:

13 හැවිරිදි දැරියක් අපයෝජනය කළ දෙදෙනෙකුට යාපනය මහාධිකරණය දඩුවම් නියම කරයි

යාපනය,වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී 2014 වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී 13 හැවිරිදි දැරියක් අපයෝජනය කළ දෙදෙනෙකුට අද(12) යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චේලියන් මහතා දඩුවම් නියම කරනු ලැබීය.

දැරිය අපයෝජනයට ලක්කළ පළමු විත්තිකරු වෙනුවෙන් වසර 15 ක බරපතල වැඩ සහිතව සිර දඩුවම් නියම කළ අතර, දැරිය අපයෝජනයට ලක්කළ පුද්ගලයාට උපකාර කළ දෙවන විත්තිකරු වෙනුවෙන් වසර දෙකක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම කිරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

දැරිය අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් වන මූලික නඩු විභාගය යාපනය පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කළ අතර, නීතිපති උපදෙස් අනුව නඩු විභාගය අනතුරුව යාපනය මහාධිකරණයේ විභාගයට ගනු ලැබීය.

දැරිය අපයෝජනයට ලක්කළ පළමු විත්තිකරු රුපියල් ලක්ෂ පහක මුදලක් දැරිය වෙනුවෙන් වන්දි වශයෙන් ගෙවිය යුතු බවට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළ අතර, වන්දි මුදල් නොගෙවන්නේ නම් අදාළ පුද්ගලයා වෙත තවත් වසර දෙකක බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කිරීමටද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කෙරිණ.

මහාධිකරණ විනිසුරුවරයා නියෝගය ලබාදෙමින් සදහන් කරනු ලැබුවේ දෙවන විත්තිකරු වෙත වසර පහකට අත්හිටවු වසර දෙකක බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කළ අතර, දඩ මුදල් වශයෙන් රුපියල් පනස්දහසක මුදලක්ද ගෙවිය යුතු බවය.

සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලිසිය පරීක්ෂණ මෙහෙයවනු ලැබීය.

මාතෘකා