ශ්‍රි පාද වන්දනා වාරය අදින් අවසන් වේ

 ඡායාරූපය:

ශ්‍රි පාද වන්දනා වාරය අදින් අවසන් වේ

මෙවර  ශ්‍රි පාද වන්දනා සමය අද (30) අලුයම ශ්‍රි පාද මළුවේ පැවැත්වෙන විශේෂ ආගමික වතාවත් වලින් අනතුරුව  අවසන් වන බව ශ්‍රි පාදස්ථානාධිපති සබරගමුව පළාත් ප්‍රධාන සංඝ නායක හා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න හිමියෝ පවසති.
ශ්‍රි පාද වන්දනා වාරය අවසන් වීමත් සමඟ උඩමළුවේ තැන්පත් කර තිබෙන සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ උඩ මළුවේ සිට රත්නපුර රජ මාවත ඔස්සේද නල්ලතන්නිය ඔස්සේද පෙරහැර දෙකක් වශයෙන් පැල්මඩුල්ල රජමහ විහාරය දක්වා වැඩම කිරීමට නියමිතය. සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ අද (30) පැල්මඩුල්ල රජමහ විහාරස්ථානයේ ගමන් මාළිගාව තුළ තැන්පත් කර හෙට (01)  දිනයේදී විශේෂ පෙරහැරකින්  පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහ විහාරස්ථානය වෙත වැඩම කිරීමට නියමිතය.

මාතෘකා