ජනාධිපතිතුමා 2028 වනකම් රටේ ජනාධිපති: සබරගමුව නව ආණ්ඩුකාරවරිය | ඇස පාදන රැස


ජනාධිපතිතුමා 2028 වනකම් රටේ ජනාධිපති: සබරගමුව නව ආණ්ඩුකාරවරිය

 ඡායාරූපය:

ජනාධිපතිතුමා 2028 වනකම් රටේ ජනාධිපති: සබරගමුව නව ආණ්ඩුකාරවරිය

මගේ පාලන කාලය තුලදි මෙම පළාතේ කිසිම නිළධාරියෙක් හොරකම් කරන්න තබා ඒ ගැන හිතන්නවත් එපා යැයිද ,කිසිවෙකුටත් හොරකම් කරන්න ඉඩ දෙන්නේ නැති බවද,මධ්‍යම පාළාතේ එහෙම අය හිටියේ නැති නිසා මේ උතුම්  සබරගමුවේ එහෙම අය කොහෙත්ම ඉන්න විදිහක් නැති බවද . සබරගමුව නව ආණ්ඩුකාරවරිය ලෙස නිල වශයෙන් වැඩ ආරම්භ කරමින් නිලූකා සඳරුවනී ඒකනායක මහත්මිය පසුගිය දා (18) පැවසීය.

ඒ මහත්මිය පෙරවරුවේ සබරගමුව මහා සමන් දේවාලයේදි දේවාශිර්වාදය ලබාගැනීමෙන් අනතුරුව සබරගමුව පළාත් සභා ආණ්ඩුකාර කාර්යාලයේදි සුභ මොහොතින් වැඩ ආරම්භ කල අතර පසුව පළාත් සභා ශ්‍රවණාගාරයේදී පළාත් රාජ්‍ය නිළධාරීන් අමතා අදහස් දක්වමින් ඉහත කරුණු සඳහන්කර සිටියාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නව ආණ්ඩුකාරවරිය, මම අද සබරගමුවේ වගකීම බාරගත්තේ හද පිරි සතුටකින් මොකද මගේ ලේ ඥාතීත්වයක් මධ්‍යම පළාතට වගේම මේ අති උත්ම් සබරගමුවට තිබෙනවා. මගේ අම්මගේ මුල් පරම්පරාවත් සබරගමුවේ.මේ  උතුම් සබරගමුවේ ජනතාව හරිම වැදගත් ජනතාවක්. උතුම් බුදුන් වහන්සේගේ පාද ස්පර්ශය තැබූ මෙම සබරගමුව ශ්‍රේෂ්ඨ පළාතක්. මා මධ්‍යම පළාතට සිදුකලාට    වඩා වැඩ කොටසක් මෙම පළාතට කරන්න බලාපොරොත්තු වනවා.

මේ රටේ ජනතාව සතු දේපල විවිධ පාර්ශව වලට අවශ්‍ය පරිදි අයතා ලෙස පරිශීලනය කිරීම මෙරට ජනමාධ්‍ය කිසිවිටකත් ඉඩ තබන්නේ නෑ. ඒ නිසා එම පාර්ශව ඒ ගැන විශේෂයෙන් කල්පනාකාරී වනවා. සෑම පුරවැසියෙකුටම සමානව සැලකීමේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්තියයි එය සබරගමුව පළාත තුළ තමා නොබියව ක්‍රියාවට නැංවීමට කටයුතු කරනවා.මෙම පළාත මගේ ආධ්‍යාත්මය කර ගන්නවා. වර්තමාන ජනාධිපතිතුමා ජනතාව ගැන හිතන ශ්‍රේෂ්ඨ නායකයෙක් එතුමා අනිවාරයයෙන් 2028වන තෙක් රටේ ජනාධිපිතියි ඔහුට අභියෝගකරන්න කෙනෙක් ඉපදිලා නෑ.මා එසේ කියන්නේ මා ජ්‍යොතිෂ්‍ය ගැන හොදින් දන්න නිසයි. මෙම පළාතේ හිටපු ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා මහතාද මහත්මා ගතිගුන වලින් පරිපූර්ණ මහත්තයෙක් ඔහු සබරගමුව පළාතට විශාල නිහඩ සේවාවක් සිදුකල මේ අවස්ථාවේ ඒ ගැනද මතක් කිරීම මගේ යුතුකමක් වනවා.

කිසිදු තනතුරක් ස්ථිර නොමැති බවද අපි සියලු දෙනා එක්ව කථාව අඩුකර පලාතේ ජනතාවගේ සුභ සිද්ධියට වැඩ පටන් ගනිමු යැයිද  ආණ්ඩුකාරවරිය පැවසීය ඒ සඳහා  පළාතේ සියලු දේශපාලක මහතුන්ගේ රාජ්‍ය හා ආරක්ෂක නිළධාරීන්ගෙන් සහාය අවශ්‍ය බවද පූජනීය මහා සංඝරත්නයේ ආශිර්වාදය මත සියලු ආගමික නායකයින්ගේ අනුසාශනාපිළිගෙන  සමාජ සාධාරණත්වය හා මෙම පළාතේ ජනතාවගේ සුභසිද්ධිය උදෙසා ජනපතිතුමන්ගේ වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීම තම අභිප්‍රාය බවද ඇය  පැවසීය.

මෙම අවස්ථාවට මහා සංඝරත්නයද, අන්‍ය ආමික නායකයින්ද, සබරගමුව පළාත් සභාවේ සභාපති කාංචන ජයරත්න, සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් හේරත් පී කුලරත්න ආණ්ඩුකාර ලේකම් ලලිත් දොඩංකොටුව යන මහත්වරුන් ඇතුලු සියලු අමාත්‍යාංශවල ලේකම්වරු හා, සහකාර ලේකම්වරුද,හිටපු අමාත්‍ය නන්දමිත්‍ර ඒකනායක, ලේකම්  හිටපු පළාත් අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම, නියෝජ්‍ය ‍පොලිස්පති පද්මසිරි තිලකරත්න කුරුවිට යුධ හමුදා කඳවුරේ අණදෙන නිළධාරී බ්‍රිගේඩියර් ජයම්පති තිලකරත්න යන මහත්ම මහත්මීන් ඇතුලු රාජ්‍ය නිළධාරීන් විශාල පිරිසක්ද එක්ව සිටියාය.

[සුනිල් පියතිලක - රත්නපුර]

 

මාතෘකා