බටහිර මාධ්‍ය කොරොනා ගැන භීතියක් වර්ධනය කරවනවා

 ඡායාරූපය:

බටහිර මාධ්‍ය කොරොනා ගැන භීතියක් වර්ධනය කරවනවා

චීන-ශ්‍රී ලංකා මිත්‍ර සංගමය

කොරොනා වෛරසය කෙටි කලකින් මැඩපැවැත්වීමේ හැකියාව චීන රජයට, චීන කොමියුනිස්ට් පක්ෂයට සහ චීන ජනතාවට හැකි බවත් එය වැලඳුණු පුද්ගලයන්ට සහ ඔවුන්ගේ ඥාතීන්ට තම සංවේගය පළ කරන බවත් ශ්‍රී ලංකා චීන මිත්‍රත්ව සංගමය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (27) පැවසීය.

චීන නායකයන් මෙම මොහොතේ ජනතාවගේ ආරක්ෂාව ගැන දැඩිව සිතන බව පැහැදිලි වන අතර රෝගය තවදුරටත් පැතිර යාම අඩු කිරීමට කොරොනා පැතිර ඇති ප්‍රදේශ බොහොමයක් පිටස්තර ලෝකයට සංවෘත කර ඇත. රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඇඳවල් දහස් ගණනකින් යුතු නව සෞඛ්‍ය මධ්‍යස්ථාන දින කිහිපයක් තුළ එහි සකස් කර ඇති බවත් ශ්‍රී ලංකා චීන මිත්‍ර සංගමය පෙන්වා දෙයි. කෙසේ වුවද බටහිර මාධ්‍ය කොරොනා වෛරසය ගැන වාර්තා කරන ආකාරය භීතිය සහ තැතිගැන්ම වර්ධනය කරනසුලු බවත් එය සදාචාරාත්මක නොවන බවත් එම සංගමය පෙන්වා දී ඇත.

[ශිවන්ති ප්‍රනාන්දු]

News Order: 
9
මාතෘකා