පළාත් කිහිපයකට මිලිමීටර් 200ට වැඩි තද වැසි

 ඡායාරූපය:

පළාත් කිහිපයකට මිලිමීටර් 200ට වැඩි තද වැසි

ඉදිරි පැය 24 තුළදී බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට මිලිමීටර් 200ට වැඩි තද වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200ට වැඩි තද වැසි ඇති විය හැකි අතර වයඹ, උතුර, නැගෙනහිර සහ ඌව පළාත්වලට මිලිමීටර් 100ට වැඩි තද වැසි අපේක්ෂා කෙරේ. දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය හෙට (25) රාත්‍රී කාලය දක්වා තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි. දිවයිනේ බොහෝ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එසේම ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළංද ඇතිවිය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද දැනුම් දෙයි. දිවයිනට බස්නාහිර, දකුණ හා ගිණිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශවලද තද සුළං ඇතිවිය හැකිය. සුළඟේ වේගය පැයට කිලෝ මීටර 70 සිට 80 දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ ඉහළ යා හැකිය.