2019 ජනාධිපතිවරණය: අපේක්ෂකයන් එකම වේදිකාවට ගෙන්වන මෙහෙයුමක්

 ඡායාරූපය:

2019 ජනාධිපතිවරණය: අපේක්ෂකයන් එකම වේදිකාවට ගෙන්වන මෙහෙයුමක්

ඉදිරි ජනාධිපතිවරණයේදී සියලුම අපේක්ෂකයන් එකම වේදිකාවකට කැඳවා මහජනතාව සමඟ සාකච්ඡා කිරීමට විවෘත අවකාශයක් නිර්මාණය කරන බවත් ඒ සඳහා පක්ෂ - විපක්ෂ භේදයකින් තොරව සියලු අපේක්ෂකයන් කැඳවීමට කටයුතු කරන බවත් මාර්තු 12 ව්‍යාපාරයේ කැඳවුම්කරු, පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

මෙහිදී අපේක්ෂකයන් සියලු දෙනාට එකම වේදිකාවක සිට මහජනතාවගේ දැවෙන ප්‍රශ්න පිළිබඳ මත සහ යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව උදා වේ. මේ හරහා ජනතාවට තමන්ට සුදුසු අපේක්ෂකයා කවුරුන්ද යන්න සොයාගත හැකි බවත් මෙය ප්‍රජාතන්ත්‍රවාදය උපරිම ලෙස භාවිත වීමක් ලෙස සැලකිය හැකි බවත් ඒ මහතා පැවසීය. එසේම මෙවැනි අවස්ථාවක් මීට පෙර මෙරට දේශපාලනය තුළ සිදු නොවූ බවද රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

[සුමන උදයන්ත]

මාතෘකා