ඇවන්ගාඩ් විත්තිකරුවන් 13කට සිතාසි

 ඡායාරූපය:

ඇවන්ගාඩ් විත්තිකරුවන් 13කට සිතාසි

ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව සම්බන්ධ නඩුවේ විත්තිකරුවන්ට අධිචෝදනා භාරදීම සැප්තැම්බර් 27 වැනිදා සිදු කිරීමට නියමිත අතර ඇවන්ගාඩ් මෙරිටයිම් සර්විස් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 13 දෙනෙකුට ලබන 27 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල සිතාසි නිකුත් කර ඇත.

ධම්මික ගනේපොල, ආදිත්‍ය පටබැඳිගේ සහ මංජුල තිලකරත්න යන කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම නඩුව විභාග කෙරේ.

2014 වසරේ අප්‍රේල් මස 7 වැනිදා සහ 2015 වසරේ ඔක්තෝබර් මස 06 වැනිදා දක්වා කාලසීමාව තුළ හික්කඩුව ආසන්න මුහුදේ

එම්. වී. ඇවන්ගාඩ් නැමැති නෞකාව තුළ නිසි බලපත්‍රයක් හෝ අවසර පත්‍රයක් නොමැතිව ස්වයංක්‍රිය ගිනි අවි 816ක් සහ ජීව උණ්ඩ දෙලක්ෂ නවසිය තිස්පහක් තබාගැනීමෙන් විත්තිකරුවන් වරදක් කර ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර ඇත.

[තියේෂා ද සිල්වා]

මාතෘකා