කැකිරාව උසාවියේ නඩු භාණ්ඩ කාමරය ගිනි ගනී

 ඡායාරූපය:

කැකිරාව උසාවියේ නඩු භාණ්ඩ කාමරය ගිනි ගනී

කැකිරාව අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ ඊයේ (12) දහවල් ගින්නක් හට ගැනීමෙන් අනතුරුව ගිනි නිවන හමුදාව කැඳවා ගින්න පාලනය කර තිබේ.

ඊයේ පෙරවරු 11.35ට පමණ හටගෙන ඇති ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති අතර අනුරාධපුර පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ වහා විමර්ශන ආරම්භ කර ඇත.

ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ ගෙන්වූ බවත් වැඩිදුර විමර්ශන සඳහා සහ අවට රථ වාහන හැසිරවීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් එම ස්ථානය වෙත යොමු කළ බවත් පොලිස් මාධ්‍ය ඒකකය පැවසූ අතර රජයේ රස පරීක්ෂකවරයාද එහි කැඳවා තිබේ.

[තියේෂා ද සිල්වා] [ශිවන්ති ප්‍රනාන්දු]

ඡායා : අමිල ප්‍රභාත් වනසිංහ

මාතෘකා