ඇපල් අඟල්15 Macbook Pro ලැප්ටොප් ගුවන් ගමන්වලට තහනම්

 ඡායාරූපය:

ඇපල් අඟල්15 Macbook Pro ලැප්ටොප් ගුවන් ගමන්වලට තහනම්

ගිනි ගැනීමේ අවදානමක් හේතුවෙන් 'ඇපල් අඟල් 15 මැක්බුක් ප්‍රෝ' උපාංග ගුවන් ගමන්වලදී රැගෙන යාමට අවසර නොදෙන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඊයේ (12) නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

අඟල් 15 මැක්බුක් ප්‍රෝ ඒකකයේ බැටරි අධික ලෙස රත් වී ගිනි ගැනීමේ අවදානමක් මතුව ඇති බැවින් ගුවන් ගමන් සඳහා රැගෙන යාමට පෙර ගුවන් මගීන් සතුව පවතින එම උපාංග එවැනි බලපෑමක් නොමැති බවට ඇපල් සමාගමෙන් තහවුරු කරගන්නා ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගම මගීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

ගුවන්තොටුපොළේදී උපාංග පරීක්ෂා කිරීමේදී බැටරිය නැවත ප්‍රතිස්ථාපනය කර ඇති බවට සාක්ෂි සනාථ කරගැනීමට අපොහොසත් වන මගීන්ට එම උපාංගය රැගෙන යාමට අවස්ථාව ලබා නොදෙන බවත් මේ හේතුවෙන් ඇපල් සමාගමේ වෙබ් පිටුවට පිවිස එහි උපදෙස් අනුව කටයුතු කරමින් තමන් සතු උපාංගවල බැටරි ප්‍රතිස්ථාපනය කරගැනීමට කටයුතු කරන ලෙසත් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සන්නිවේදන අංශය වැඩිදුරටත් ඉල්ලා සිටී.

[තියේෂා ද සිල්වා]

මාතෘකා