සාමනේර හිමියන්ට පහරදුන් සැකකරු 24 වැනිදා දක්වා රිමාන්ඩ්

 ඡායාරූපය:

සාමනේර හිමියන්ට පහරදුන් සැකකරු 24 වැනිදා දක්වා රිමාන්ඩ්

කුඩා සාමණේර හිමියන් දෙනමකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරු හොරොව්පතාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගරගත කර තිබේ.

අදාළ සකකරු අද (11) පදවිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරව සැප්තැම්බර් 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගරගත කර තිබේ. මෙලෙස සාමණේර හිමියන් දෙනමට පහර දී ඇත්තේ ගම්මැද්දේ චමින්ද ගලබොඩ නොහොත් උටියා’ නම් අයෙක් බව පොලීසිය පවසයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය මඟින් හා සමාජ මාධ්‍ය මඟින් ප්‍රචාරය වීමත් සමඟ හොරොව්පතාන පොලීසිය විසින් සැකකරු හඳුනා ගෙන ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ. සාමණේර හිමියන් දෙදෙනා මේ වන විට අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලීසිය පවසයි.