ඉන්ධන මිල අඩු වෙයි

 ඡායාරූපය:

ඉන්ධන මිල අඩු වෙයි

ඊයේ (10) මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියලකින්ද,  ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක හා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් දෙකකින්ද අඩු කර ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි. ඔටෝ ඩීසල් මිලෙහි කිසිදු වෙනසක් සිදු වී නොමැති බව මුදල් අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.