පානදුර උතුර පොලිසියෙන් අතුරුදන් වූ ටී 56 ගිනි අවි අකුරැස්සෙන් හමුවෙයි

පානදුර උතුර පොලිසියෙන් අතුරුදන් වූ ටී 56 ගිනි අවි අකුරැස්සෙන් හමුවෙයි

පානදුර උතුර පොලිසියෙන් මීට මාස කිහිපයකට පෙර අතුරුදන් වූ ටී 56 වර්ගයේ ගිනි අවි 2ක් අකුරැස්සෙන් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ඊයේ (10) නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

මෙම සිද්ධියට සම්බන්ධ යුද හමුදා සෙබළුන් දෙදෙනකු ඇතුළු සැකකරුවන් 5 දෙනකුද අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී ටී 56 ගිනි අවි 2ක්, මැගසින් 02ක්, සජීවි පතරොම් කිහිපයක් සහ පැහැරගැනීම සිදුවන අවස්ථාවේ සැකකරුවන් ගමන් කළ යතුරුපැදියද පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉකුත් 05 වැනි දින අකුරැස්ස පොලිස් වසමේදී අංක තහඩු නොමැතිව පොලිස් අණ නොතකා යතුරුපැදියකින් ගමන් ගනිමින් සිටියදී එය ලුහුබඳිමින් සිටි යතුරුපැදි සංචාරයේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනකුට එල්ල කළ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණයේදී අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් හෙළි වූ තොරතුරුවලට අනුව මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

[තියේෂා ද සිල්වා]

 

මාතෘකා