සජිත්ගේ මංගල රැලිය හෙට

 ඡායාරූපය:

සජිත්ගේ මංගල රැලිය හෙට

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මංගල ජනරැලිය කොළඹ ගාලු මුවදොර පිටියේදී හෙට (10) පස්වරු 2.00ට පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයන් විශාල පිරිසක් මෙම රැලියට සහභාගි වීමට නියමිතය. ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන ජන රැලියෙන් පසු සජිත් ප්‍රේමදාස මහතා සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කරන අතර ඔහු දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ප්‍රධාන මැතිවරණ රැලි රාශියක් ඇමතීමට නියමිතය.

මාතෘකා