ගෝඨාගේ මංගල රැලිය අද

 ඡායාරූපය:

ගෝඨාගේ මංගල රැලිය අද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණයට අදාළ මංගල රැලිය අද (29) පස්වරු 2.00ට අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

මෙම රැලිය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, සභාපති ජී.ඇල්. පීරිස් යන මහත්වරුන් මෙන්ම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන එහි සෙසු පක්ෂවල නායකයන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු රැසක් සහභාගි වීමට නියමිතය.

[තියේෂා ද සිල්වා]

මාතෘකා