මහා සංඝරත්නයේ ආශීර්වාදය නිරන්තරයෙන් සජිත්ට තියෙනවා -අස්ගිරි නාහිමි

 ඡායාරූපය:

මහා සංඝරත්නයේ ආශීර්වාදය නිරන්තරයෙන් සජිත්ට තියෙනවා -අස්ගිරි නාහිමි

හිටපු ජනපති ආර්. ප්‍රේමදාස මහතා මෙන් ආගමට, දහමට ළැදි ගමනක් යන සජිත් ප්‍රේමදාස මහතාට මහා සංඝරත්නයේ ආශීර්වාදය නිරතුරුව හිමි වන බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක, පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති පූජ්‍ය වේඬරුවේ උපාලි නාහිමියෝ ඊයේ (8) පැවසූහ.

ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ආශීර්වාද කරමින් මහනුවර නාථ දේවාල පරිශ්‍රයේ ඊයේ (08) පැවැති ජය පිරිත් සජ්ජායනාවට සම්බන්ධ වෙමින් අනුනාහිමියෝ මේ බව පැවසූහ. දැහැමි ජීවිතය සමඟ පරිපාලන දැනුම ගළපා ගැනීම හොඳ නායකයෙකු වීමට බලපාන ප්‍රධාන කරුණක් බවත් සජිත් ප්‍රේමදාස මහතා තුළ එම ලක්ෂණ දක්නට ලැබෙන බවත් මෙහිදී උපාලි අනුනාහිමියෝ පැවසූහ.

[අසේල කුරුළුවංශ] [ඉන්දික පොල්කොටුව] [එස්. කේ. සමරනායක]

මාතෘකා