මෛත්‍රීගෙන් නව ජනපතිට සුබපැතුම්

 ඡායාරූපය:

මෛත්‍රීගෙන් නව ජනපතිට සුබපැතුම්

2019 ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකාවේ 7 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමීය.

ශ්‍රී ලංකාවේ 6 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (16) දින ජනාධිපති ධුරයේ රාජකාරී අවසන් කළ අතර එහිදී ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශයේදීද තේරී පත්වන නව ජනාධිපතිවරයා වෙනුවෙන් සිය සුබපැතුම් පළ කරමින් ඔහුගේ ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගැනීමට සිය ආශිර්වාදය පළ කළේය. මේ අතර ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේ එම සියලුදෙනා හා එක්ව තම උතුම් මාතෘභූමිය සහ ආදරණීය ජනතාව වෙනුවෙන් අඛණ්ඩ කැප වීමෙන් යුතුව තමා විසින් ඉටු කළ වගකීම් හෙට දිනයේද ඉටු කිරීම අධිෂ්ඨානය බවයි.

[දිනුක මලින්ද හේරත්]

News Order: 
2
මාතෘකා