අලි සබ්රිගේ බලපත්‍රය අහෝසි කළ යුතුයි - අමාත්‍ය මංගල සමරවීර

 ඡායාරූපය:

අලි සබ්රිගේ බලපත්‍රය අහෝසි කළ යුතුයි - අමාත්‍ය මංගල සමරවීර

මහජනයා නොමඟ යැවීම සහා ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කිරීම හේතුවෙන් ජනාධිපති නීතිඥ අලි සබ්රිගේ නීතිඥ බලපත්‍රය අහෝසි ක යුතු බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකානු පුරවැසිභාවය අත්හැරියාද? නැතහොත් ඔහු තවමත් ඇමරිකානු පුරවැසියෙක්ද? යන්න සැක සහිත බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා වැඩිදුරටත් පවසයි. ඊයේ (10) මාතර දික්වැල්ලේ පැවති ජනහමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

 

ගෝඨාභය රාජපක්ෂගේ නීතිඥයා යැයි කියන ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මාධ්‍ය හමුවක් කැඳවමින් අදාළ ගුවන්ගමන් බලපත්‍රය හා පුරවැසිභාවය අහිමි කළ බව කියනා සහතිකය ලෙස පෙන් වූ ලේඛනයන්හි දෝෂ ඇති බවත් එම පිටපත් මාධ්‍යවේදීන්ට ලබා නොදීම තුළින් එය වඩාත් තහවුරු වන බවත් අමාත්‍ය මංගල සමරවීර මහතා එහිදී අවධාරණය කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

 

"අලි සබ්‍රි ඒ පෙන්වපු පාස්පෝට් එකේ මොකක්ද ගහලා තියෙන්නේ. මිත්‍රවරුනි, එකේ ලොකුවට ගහලා තියනවා කැන්සල් (CANCEL) කියන වචනය. ඒ කියන්නෙ අවලංගු කරන්න කියන ඒක. සාමාන්‍යයෙන් ඇමරිකාවේ විතරක් නෙමෙයි ලෝකේ ඕනෑම රටක පාස්පෝට් එකක් කැන්සල් කරන කොට 'කැන්සල්ඩ්' (CANCELLED) කියලයි ගහන්නේ. 'කැන්සල්ඩ්' යන්නෙන් කියන්නේ අවලංගු කරන ලදී කියන එක. නමුත් මේ හොර අවලංගු සහතිකය නිර්මාණය කරපු නාමල් රාජපක්ෂගේ බයියන්ට ඒකවත් හරියට ගහගන්න බැරි වුණා. නිවැරදි වචනය වෙනුවට කැන්සල් (CANCEL) කියලා යොදපු එකෙන්ම මේක බොරුවක් කියල රටට සනාථ වෙලා ඉවරයි. ඒ විතරක් නෙමෙයි ඇමරිකාවේ සහතිකවල දිනය දානකොට මුලින්ම දාන්නේ මාසය. ඊට පස්සේ දාන්නේ දිනය. අවසානයට අවුරුද්ද. නමුත් මේ සහතිකයේ දාලා තියෙන්නෙ ලංකාවේ ක්‍රමයට මුලින් දවස දාලා, ඊළඟට මාසය හා අවුරුද්ද ලෙස දාලා මැයි මාසයේ අවලංගු කරපු බව සඳහන් කරලයි"