නව නිපැයුමෙන් ලොව හොඳම 10ට පසිඳු මිහිරාන්

නව නිපැයුමෙන් ලොව හොඳම 10ට පසිඳු මිහිරාන්

‘මදුරුවන් බෝ නොවන ආහාර බඳුන්’ නිර්මාණය කරමින් කොරියාවේ ජාත්‍යන්තර යෞවන ඔලිම්පියාඩ් තරගයේදී හොඳම නව නිපැයුම්කරුවන් 10 දෙනා අතරට තේරී පත්වූ ගොකරැල්ල මධ්‍ය මහාවිද්‍යාලයේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන පසිඳු මිහිරාන් සිසුවා පෙරේදා (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය.

එහිදී හොඳම නව නිපැයුම්කරුවන් 10 දෙනා අතරට තේරී පත්වෙමින් විශේෂ සම්මානයක් සහිත රන් පදක්කමක් දිනාගැනීමට පසිදු මිහිරාන් සිසුවා සමත් වූ අතර ඔහුගේ දක්ෂතා අගය කළ ජනාධිපතිවරයා ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් නව පරිගණකයක් ප්‍රදානය කිරීමටද කටයුතු කළේය. නිර්මාණශීලීත්වය, කණ්ඩායම් ක්‍රියාකාරකම් තුළින් ගෝලීය නායකත්වය පෝෂණය කිරීම අරමුණු කර ගනිමින් ජාත්‍යන්තර යෞවන ඔලිම්පියාඩ් තරඟය පසුගිය ඔක්තෝබර් 05 සහ 06 දිනවල කොරියාවේ සෝල් නුවර පැවත්වුණු අතර රටවල් 37ක් නියෝජනය කරමින් නිර්මාණකරුවෝ 400කට අධික පිරිසක් ඊට සහභාගි වී සිටියහ.

[තියේෂා ද සිල්වා]

News Order: 
4
මාතෘකා