පෑඩ් මෑන් සංකල්පය හොඳ ප්‍රවණතාවක්

 ඡායාරූපය:

පෑඩ් මෑන් සංකල්පය හොඳ ප්‍රවණතාවක්

රොෂාන් මහානාම

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වයට හෝ ආයතනික සංස්කෘතියට පමණක් සීමා නොවිය යුතු බවත් කාන්තා අයිතිවාසිකම් ජනාධිපතිවරණ ප්‍රචාරක ගැටලුවකට වඩා වැඩි දෙයක් බවත් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක, අයි. සී. සී. තරග තීරක රොෂාන් මහානාම මහතා සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් පවසයි. මූලික සනීපාරක්ෂක කටයුතු සඳහා පහසුකම් නොමැතිවීම සිසුවියන්ගේ පාසල් පැමිණීමට ගැටලුවක් ඇති කරනවා සේම කාන්තා අධ්‍යාපනයට මෙන්ම කාන්තා ශ්‍රම බලකා සහභාගීත්වයට එයින් බලපෑමක් සිදුවන බවද ඔහු පෙන්වා දෙයි.

“දියණියන් තිදෙනෙකුගේ පියෙකු වශයෙන් ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ඇති කිරීම වෙනුවෙන් වැදගත් කාර්යභාරයක් ඇති බව මම තරයේ විශ්වාස කරනවා. #Padman හෑෂ්ටැගය වර්තමාන ඩිජිටල් ජනගහනය අතර අත්‍යවශ්‍ය දැනුමක් ඇති කර තිබෙනවා. එය අපගේ සහයෝගය අවශ්‍ය වැඩසටහනකි. ශ්‍රී ලංකාවේ සියලුම ගැහැනු ළමයින්ට සහ කාන්තාවන්ට දැරිය හැකි සහ පහසුවෙන් ළඟා විය හැකි කාන්තා සනීපාරක්ෂක පහසුකම් ලබා දෙන තෙක් අප මෙම සංවාදය දිගටම කරගෙන ගොස් වේගවත් ප්‍රතිඵල පෙන්විය යුතුයි. මේ රට ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේ හෑෂ්ටැගයක් බවට නොව සම්මතයක් ලෙස පත්ව ඇති රටක් බවට පත්කිරීම වෙනුවෙන් සිදුකරන ඕනෑම මුලපිරීමකට පූර්ණ සහයෝගය දෙනවා” යැයි රොෂාන් මහානාම සිය ප්‍රකාශය මඟින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

News Order: 
2
මාතෘකා