පාස්කු ප්‍රහාරය ගැන විශේෂ කාරක සභාවේ වාර්තාව සති 2ක් ඇතුළත

 ඡායාරූපය:

පාස්කු ප්‍රහාරය ගැන විශේෂ කාරක සභාවේ වාර්තාව සති 2ක් ඇතුළත

අප්‍රේල් 21 වැනිදා සිදු වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ඊයේ (22) පාර්ලිමේන්තුවේ පත් කෙරුණු විශේෂ කාරක සභාවේ වාර්තාව සති දෙකක් ඇතුළත ලබාදිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මීට ස්වල්ප වේලාවකට පෙර කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

පසුගිය 21 වැනිදා සිදුවූ බෝම්බ ප්‍රහාරයට අදාළ කරුණු සහ රිෂාඩ් බදියුදීන් මහතාට එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධව සොයා බැලීමට ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය නියෝජනය වන පරිදි මෙම පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව ඊයේ (22) පත් කරනු ලැබූ අතර මෙය සාමාජිකයන් 40 දෙනෙකුගෙන් සමන්විතය.