පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සම්බන්ධයෙන් පූර්ණ කාලීනව අවධානය යොමු කර තිබෙනවා

 ඡායාරූපය:

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සම්බන්ධයෙන් පූර්ණ කාලීනව අවධානය යොමු කර තිබෙනවා

පාර්ලිමේන්තු සභාව තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් පූර්ණ කාලීනව අවධානය යොමු කර තිබෙන බව කතානායක කරූ ජයසූරිය මහතා අද (21) පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවේ ආරක්ෂව සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින් කතානායකවරයා මේ බව පැවසීය.

පසුගියදා පාර්ලිමේන්තුවේ නිලධාරියෙකු අත් අඩංගුවට පත්වීම සම්බන්ධයෙන් මෙහිදී මතු කර සිටියේය. ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් දිනපතා බුද්ධි අංශය හා අදාළ නිලධරීන් වාර්තා ලබාදෙන බවත් පාර්ලිමේන්තු නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කෙරෙන බවත් කතානායකවරයා එහිදී සඳහන් කළේය. සභාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් පූර්ණ කාලීනව අවධානය යොමු කර තිබෙන බවද කතානායකවරයා වැඩිදුරටත් කීය.