බෝම්බ ප්‍රහාර නොවැළැක්වීම ගැන පොලිස්පති පූජිත්ට එරෙහිව චෝදනා

 ඡායාරූපය:

බෝම්බ ප්‍රහාර නොවැළැක්වීම ගැන පොලිස්පති පූජිත්ට එරෙහිව චෝදනා

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන කල්තියා බුද්ධි අංශ දැනුවත් කර තිබියදීත් ඊට නිසි අවධානය යොමු නොකිරීම සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීමට නියමිත බව නීතිපති ‍දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කළේය.

මේ වන විට ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පුළුල් විමර්ශනයක් පවත්වන අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනෙකුගෙන්, නියෝජ්‍ය පොලිස්පතිවරු සිව් දෙනකුගෙන් සහ පොලිස් අධිකාරීවරු රැසකගෙන් ප්‍රශ්න කර තිබේ. විමර්ශනය සති දෙකක් ඇතුළත නිම කරන ලෙස නීතිපතිවරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලැබී ඇති අතර ඒ අනුව ලබන සතිය වන විට මෙම විමර්ශන අවසන් වනු ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කළේය. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පත් කළ කොමිසමේ වාර්තාව එම පරීක්ෂණය සඳහා මුල් වී තිබේ.

[ගයාන් කුමාර වීරසිංහ]

මාතෘකා