ළදරු උපත් හතකින් එකක් අඩු බර

ළදරු උපත් හතකින් එකක් අඩු බර

ලොව පුරා උපත ලබන සෑම ළදරුවන් හත් දෙනෙකුගෙන් එක් ළදරුවකු අඩු උපත් බරකින් යුක්ත බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

සෑම වසරකදීම මිලියන 2.5ක් පමණ දෙනා අලුතෙන් උපදිති. එම අලුත උපන් දරුවන්ගෙන් සියයට 80කට වැඩි ප්‍රමාණයක් උපත් බර අඩු දරුවන් බවත් ජීවත් වන අඩු බරැති දරුවන්ද පසු කාලයේදී දියවැඩියාව, හෘද රෝග ආදී රෝගවලට ගොදුරු වීමේ වැඩි ප්‍රවණතාවක් ඇති බවත් එම සංවිධානය වැඩිදුරටත් අනාවරණය කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය, යුනිසෙෆ් සහ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ සෞඛ්‍යාරක්ෂිත සහ නිවර්තන වෛද්‍ය විද්‍යා ඒකකය විසින් කරන ලද නව පර්යේෂණාත්මක ප්‍රකාශනයකින් ඒ බව හෙළි වී ඇත.

උපත් බර වැඩි කිරීම සඳහා මාතෘ පෝෂණ තත්ත්වය වැඩි දියුණු කිරීම, ප්‍රමාණවත් පරිදි මාතෘ රැකවරණ සැපයීම ඉතා වැදගත් බවද එම ප්‍රකාශනයෙන් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

[සුරේකා නිල්මිණි

මාතෘකා