සෞදි අත්අඩංගුවේ සිටින පාස්කු ප්‍රහාරයේ සැකකරු සී.අයි.ඩී. බාරයට!

සෞදි අත්අඩංගුවේ සිටින පාස්කු ප්‍රහාරයේ සැකකරු සී.අයි.ඩී. බාරයට!

සෞදි අත්අඩංගුවේ සිටින පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවකු වන මොහොමඩ් මිල්හාන් නැමැත්තා මෙරටට භාරදෙනු ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්වාසය පළ කරයි.

සෞදි බලධාරීන් මෙරටට දන්වා ඇත්තේ සෞදි ආරක්ෂක අංශද ඔහු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි. ඒ අනුව ඔහු මෙරටට භාර දීම සැකයට තුඩු දී තිබේ. එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ඔහු මෙරටට භාර ගැනීමට මෙහෙයුමක් දියත්කර ඇති අතර ඊට සෞදියෙන් යහපත් ප්‍රතිචරයක් ලැබෙනු ඇතැයි විශ්වාස කරයි. ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ සන්නද්ධ අංශයේ නායකයා බව සඳහන් මිල්හාන් මරාගෙන මැරෙන දෙවැනි ප්‍රහාරයන්ට සූදානමින් සිටි අයෙකි. 2018 වසරේ නොවැම්බර් 30 වැනිදා රාත්‍රියේ සිදු වුණු වවුනතිව් පොලිස් මුරපොළේ සේවයේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා ඝාතනයේ වෙඩික්කරු බවට හඳුනාගෙන සිටින්නේද ඔහුය. කබීර් හෂීම් ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන මොහොමඩ් නස්ලිම් මහතාට පසුගිය මාර්තු 09 වැනිදා මාවනැල්ලේදී වෙඩි තබා ඝාතනය කිරීමට උත්සහයක නිරත වූයේද මිල්හාන් නැමැති අන්තවාදියාය. පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වන විට මක්කම වන්දනාවේ ගොස් සිටි ඔහු නැවත මෙරටට පැමිණීමට නියමිතව සිටියේ ඉකුත් අප්‍රේල් 30 වෙනිදාය. මෙරටට පැමිණීමට සෞදි ගුවන්තොටුපොළට පැමිණි ඔහු ගුවන්යානාවට ගොඩවීමටද සූදානමින් සිට ඇතත් අවසාන මොහොතේ ගුවන්යානාවට ගොඩ නොවී සෞදි ගුවන්තොටුපොළේ සැඟවී ඇත.

[ගයාන් කුමාර වීරසිංහ]

මාතෘකා