කලහකාරීහු 78ක් කොටුවෙති

කලහකාරීහු 78ක් කොටුවෙති

වයඹ පළාතේ තුළ ඇති වූ නොසන්සුකාරී සහ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් සම්බන්ධයෙන් සැකකරුවන් 78 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ඊයේ (15) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

අදාළ පුද්ගලයින් වයඹ පළාතේ කුරුණෑගල, කුලියාපිටිය, නිකවැරටිය සහ හලාවත යන ප්‍රදේශවලින් අත්අඩංගුවට ගෙන ඇති බවත් මෙම ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ට සම්බන්ධ අනෙකුත් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ඉදිරියටත් ක්‍රියාත්මක බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. දැනටමත් පොලිසිය බාරයට ගෙන ඇති විඩියෝ දර්ශන ගණනාවක් ඔස්සේ මෙම සිද්ධියට සම්බන්ධ වූ සැකකරුවන් හඳුනා ගැනීමේ කටයුතු සිදු වන බව පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

[දිනුක මලින්ද හේරත්]

මාතෘකා