ජනතාවගේ විශ්වාසය රකින්න : නව අගවිනිසුරු විනිසුරුවරුන්ගෙන් ඉල්ලයි

ජනතාවගේ විශ්වාසය රකින්න : නව අගවිනිසුරු විනිසුරුවරුන්ගෙන් ඉල්ලයි

මහජනතාව අධිකරණ පද්ධතිය කෙරෙහි තබා තිබෙන විශ්වාසය ආරක්ෂා කිරීම විනිසුරුවරුන්ගේ පරම වගකීමක් බව නව අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා පවසයි.

මෙරට 47 වැනි අගවිනිසුරුවරයා ලෙස පත්වූ හිටපු නීතිපති ජයන්ත ජයසූරිය මහතා පිළිගැනීමේ නිල උත්සවය ඊයේ (15) පෙරවරුවේ කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයේදී පැවැති අවස්ථාවේදී අදහස් පළ කරමින් නව අගවිනිසුරුවරයා මේ බව පැවසීය.

විනිසුරුවරුන් විවෘත මනසකින් කටයුතු කළ යුතු බවත් හොඳින් ඇහුම්කන් දිය යුතු බවත් පැවසූ අගවිනිසුරුවරයා,එක් විනිසුරුවරුවරයෙකු හෝ එම විශ්වාසය කඩ කරනු ලැබුවහොත් ඉන් සමස්ත අධිකරණ පද්ධතියටම පිරිමැසිය නොහැකි පාඩුවක් සිදු විය හැකි බවද පෙන්වා දුන්නේය.

[ගයාන් කුමාර වීරසිංහ]

මාතෘකා