බෙන්ස් වර්ගයේ ගිලන් රථ 20 රෝහල්වලට බෙදාදීම හෙට

 ඡායාරූපය:

බෙන්ස් වර්ගයේ ගිලන් රථ 20 රෝහල්වලට බෙදාදීම හෙට

ඔස්ට්‍රියානු රජයේ සහන ණය ආධාර යටතේ බෙන්ස් වර්ගයේ ගිලන් රථ 100ක් දිවයින පුරා රෝහල්වලට ලබාදීමේ ව්‍යාපෘතිය යටතේ ගිලන් රථ 20ක් රෝහල්වලට බෙදාදීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී හෙට (16) පස්වරු 3.00ට සිදුකිරීමට කටයුතු යොදා ඇත.

ජර්මනියේ නිෂ්පාදිත මෙම ගිලන් රථයක වටිනාකම රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකි. මේ වනවිට බෙන්ස් වර්ගයේ ගිලන් රථ 60ක් රෝහල්වලට බෙදා දී ඇත. තවද ෆෝඩ් වර්ගයේ නවීන ගිලන් රථ 350ක්ද පසුගිය දිනවල රෝහල්වලට බෙදා දෙනු ලැබීය. නිදහස් සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක ප්‍රතිලාභ ජනතාව වෙත සමීප කිරීමේ අරමුණ පෙරදැරිව මෙම ගිලන් රථ බෙදාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා පියවර ගෙන ඇත.