අග්‍රාමාත්‍යවරයා මහනායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගනියි

 ඡායාරූපය:

අග්‍රාමාත්‍යවරයා මහනායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගනියි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (09) පෙරවරුවේ මල්වතු මහා විහාරයට පැමිණ මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මා හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

එහිදී උන්වහන්සේ සමඟ පැය භාගයක පමණ කාලයක් අග්‍රාමාත්‍යවරයා සාකච්ඡාවකද නිරත විය.
අනතුරුව අස්ගිරි මහා විහාරයට පැමිණි අග්‍රාමාත්‍යවරයා අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන හිමියන් බැහැදැක උන්වහන්සේගේද ආශිර්වාද ලබා ගන්නා ලදී.
මල්වතු සහ අස්ගිරි මහානායක මා හිමිපාණන් වහන්සේලා බැහැ දැකීමෙන් අනතුරුව ශ්‍රී ලංකා රාමචඥ්ඥ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපාන පේමසිරි මාහිමිපාණන්ද බැහැ දකින ලදී.