ගෝලීය ත්‍රස්තවාදයට එරෙහිව ලෝකයම එකතු වෙමු

 ඡායාරූපය:

ගෝලීය ත්‍රස්තවාදයට එරෙහිව ලෝකයම එකතු වෙමු

අගමැති රනිල්

ගෝලීය ත්‍රස්තවාදය පරාජය කිරීම විශාල අභියෝගයක් බවත් එය පරාජය කිරීම සඳහා බුද්ධි තොරතුරු හා තාක්‍ෂණය හුවමාරු කර ගනිමින් ජාත්‍යන්තර වශයෙන් සියලු රටවල් එකට එක් විය යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (7) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

ආරක්ෂක අංශ විසින් රටේ ආරක්ෂාව තහවරු කර ඇති බවත් මේ වන විට පාස්කු ඉරිදා ප්‍රහාරයට ඍජුවම සම්බන්ධ දැනට ජීවතුන් අතර සිටින සියලු දෙනාම අත්අඩංගුවට ගෙන ඇති බවත් දැනට ඉතිරි වී ඇති ප්‍රහාරකයින් සමඟ සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනය කරන බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය. එසේම තරාතිරම නොබලා ඔවුන්ට එරෙහි ක්‍රියාමාර්ග ගැනීමට රජයක් ලෙස කටයුතු කරන බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

“ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගන්න කටයුතු කරනවා. ආරක්ෂක හමුදා හා පොලිසිය එකාබද්ධව පාසැල්වල ආරක්ෂාව තහවුරු කර තිබෙනවා. ඊයේ දින පාසැල් ළමුන්ගේ පැමිණීම අඩු මට්ටමක තිබුණත් එය ක්‍රමයෙන් යහපත් අතට හැරෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.” අගමැතිවරයා පැවසීය.