මතට එරෙහි බක්මහ දිවුරුම අප්‍රේල් 3දා

 ඡායාරූපය:

මතට එරෙහි බක්මහ දිවුරුම අප්‍රේල් 3දා

මත්ද්‍රව්‍ය පිටුදැකීමේ ව්‍යාපාරයේ එක් වැඩපිළිවෙළක් වන ‘බක්මහ දිවුරුම් දීම’ අප්‍රේල් 3 වැනිදා පෙරවරු 8.30ට සියලුම රාජ්‍ය ආයතන සහ පාසල් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිත බවත් ඒ සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය පූර්ණ සහයෝගය ලබාදෙන බවත් ඊයේ (26) පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පැවසීය.

එසේම පෙරේදා (25) ‘පිබිදෙමු පොළොන්නරුව’ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ රුපියල් කෝටි 850ක මුදලක් වැය කර ඉදිකර තිබූ පාසැල් කිහිපයක ගොඩනැගිලි සිසු අයිතියට පවරාදීමෙන් පසුව පැවැති උත්සවයකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද පවසා සිටියේ වර්තමානය වනවිට මත්ද්‍රව්‍ය පාසැල් සිසුන් පවා ඉලක්ක කර ගෙන ව්‍යාප්ත වී ඇති නිසා එය පාලනය කිරීමේ එක් පියවරක් වශයෙන් මෙම බක්මහ දිවුරුම සිදු කරන බවයි.

මේ සම්බන්ධයෙන් ඊයේ ‘රැස’ කළ විමසීමකදී ජනාධිපති මාධ්‍ය ඒකකයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ බක්මහ දිවුරුම සඳහා සියලු කටයුතු මේ වනවිට සූදානම් බවයි.

[නිර්මාණි බණ්ඩාරනායක]

මාතෘකා