ගෙවුණු සිවුවසරේ මහජන සේවා ශක්තිමත් වුණා : ‘මෙත්සිරි සෙවණ’ විවෘත කරමින් ජනපති කියයි

 ඡායාරූපය:

ගෙවුණු සිවුවසරේ මහජන සේවා ශක්තිමත් වුණා : ‘මෙත්සිරි සෙවණ’ විවෘත කරමින් ජනපති කියයි

වකුගඩු රෝගය නිවාරණය වෙනුවෙන් ඉකුත් සිවු වසර තුළ ප්‍රමුඛත්වයක් ලබාදෙමින් ඉටු කළ පුළුල් වැඩකොටස හේතුවෙන් දිවයින පුරා වකුගඩු රෝගින්ගේ සංඛ්‍යාව මේ වන විට සැලකිය යුතු මට්ටමින් පහළ බැස ඇති බවත් කවුරුන් කුමන විවේචන කළද ඉකුත් සිවුවසර තුළ රටේ මහජන සේවාවන් වඩා ශක්තිමත් වී ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඊයේ (20) ජාතික වකුගඩු අරමුදලේ රුපියල් මිලියන 437ක මූල්‍ය ප්‍රතිපාදන යොදවමින් අනුරාධපුර මහ රෝහලට අනුබද්ව ඉදිකරන ලද 'මෙත්සිරි සෙවණ' වකුගඩු රෝගී සහන සත්කාර, සුබසාධන හා පර්යේෂණ මධ්‍යස්ථානය ජනතා අයිතියට පවරා දෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

රජයේ කිසිදු මුදලක් වැය නොකරමින් ජනාධිපතිවරයාගේ සංකල්පයක් අනුව ගොඩනංවන ලද ජාතික වකුගඩු අරමුදලේ පූර්ණ ප්‍රතිපාදන මත මෙම වකුගඩු රෝගී සහන සත්කාර, සුබසාධන හා පර්යේෂණ මධ්‍යස්ථානය ඉදිකර තිබේ. ඒ දිවයිනේ විවිධ පළාත්වල ඉදිකෙරෙන වකුගඩු රෝගී සහන සත්කාර, සුබසාධන හා පර්යේෂණ මධ්‍යස්ථානවල දෙවන මධ්‍යස්ථානය ලෙසයි.

අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල මේ වන විට වකුගඩු රෝගින් 17,000ක් පමණ හඳුනාගෙන තිබෙන අතර එම රෝගීන්ට එකවර ප‍්‍රතිකාර ලබා ගැනීමේ පහසුකම් මෙම මධ්‍යස්ථානයේ පවතී.

මාතෘකා