“ෆයර් සයිඩ් චැට් 2019” නිමාවෙයි

 ඡායාරූපය:

“ෆයර් සයිඩ් චැට් 2019” නිමාවෙයි

ශ්‍රී ලංකා අන්තර් ජාතික වාණිජ මණ්ඩලය (ICC), CIMA ආයතනය සහ Daily FT පුවත්පත විසින් සංවිධානය කරනු ලැබූ “ෆයර් සයිඩ් චැට් 2019” වැඩසටහන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) කොළඹ, හිල්ටන් හෝටලයේ දී පැවැත්විණි.

මෙම අවස්ථාවට සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක, ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා, මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක, වැලිබල් වන් සමූහයේ නිර්මාතෘ සහ සභාපති ධම්මික පෙරේරා, ව්‍යාපාරික හැරී ජයවර්ධන යන මහත්ම මහත්මීහු, විදෙස් තානාපතිවරු, ව්‍යාපාරිකයින් ඇතුලු සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

මාතෘකා