ජිනීවා අභියෝගයට ආණ්ඩුව ලෑස්තියි : ඇමති පාඨලී චම්පික

ජිනීවා අභියෝගයට ආණ්ඩුව ලෑස්තියි : ඇමති පාඨලී චම්පික

යහපාලන රජයේ වසර 4ක ධුර කාලය තුළ කිසිදු දේශපාලන ඝාතනයක් සිදු නොවූ බවත් එම ආදර්ශය ඉදිරියටද රැගෙන යා යුතු බවත් පෙරේදා (17) ත්‍රීකුණාමලය නගර සංවර්ධනය පිළිබඳව ත්‍රීකුණාමලය නාගරික මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

ජිනීවා මානව හිමිකම් කොමිසමෙන් මේ දිනවල රටට විශාල අභියෝග රැසක් එල්ල වී ඇති අවස්ථාවක උතුරේ මිනී ඇටකටු සෙවීම හෝ ජාත්‍යන්තරයට ගොස් එකිනෙකාට චෝදනා නොකර අතුරුදන් වූවන්ගේ කලත්‍රයන්ට යුක්තිය ඉටුකර දීමට පෙරට පැමිණිය යුතු බව අමාත්‍යවරයා පැවසීය. එසේම ජිනීවා මානව හිමිකම් කොමිසමෙන් එල්ල වන අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා මේ වන විට රජය කටයුතු කරමින් සිටින බවද වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

[තියේෂා ද සිල්වා]

මාතෘකා