අල්ලස දූෂණය මඩින්න පස් අවුරුදු සැලසුමක්

 ඡායාරූපය:

අල්ලස දූෂණය මඩින්න පස් අවුරුදු සැලසුමක්

අල්ලස් හා දූෂණය තුරන් කිරීමේ පස් අවුරුදු ජාතික සැලැස්ම එළඹෙන 18 වන සදුදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න ඊයේ (14) 'රැස' කළ විමසීමකදී පැවැසීය.

කථානායකවරයාගේ හා විපක්ෂනායකවරයාගේ සහාභාගිත්වයෙන් එහි ප්‍රධාන වැඩසටහන කොළඹදී පැවැත්වේ.

මෙම ජාතික සැලැස්ම වසරකට පමණ පෙර කැබිනට් මණ්ඩලයෙන් අනුමත කර ඇති අතර ඊට සමගාමීව රැස්වීම් 40ක් පවත්වා මහජනතාවගේ අදහස්ද ලබාගෙන තිබේ. මෙරට සියලු රාජ්‍ය ආයතන ව්‍යුහයන් තුළ අල්ලස් නිවාරණය,

හර පද්ධති වැඩි දියුණු කිරිම, දඬුවම් ක්‍රමවේද හා නීති ප්‍රතිපත්ති සංශෝධනය කිරීම යන ප්‍රධාන සාධක හතර පදනම් කර ගනිමින් එය සම්පාදනය කර තිබේ.

[තියේෂා ද සිල්වා]

මාතෘකා