අර්ජුන් මහේන්ද්‍රන් වගේම උදයංගත් ගෙන්වනවා : ඇමතිනී තලතා

 ඡායාරූපය:

අර්ජුන් මහේන්ද්‍රන් වගේම උදයංගත් ගෙන්වනවා : ඇමතිනී තලතා

බරපතළ මූල්‍ය අපරාධ, වංචා දූෂණ හා නාස්තිය සම්බන්ධ නඩු විභාග කිරීම සඳහා ස්ථාපිත කෙරෙන ත්‍රි පුද්ගල විශේෂ මහාධිකරණයේ දෙවැනි මහාඅධිකරණය අලුත්කඩේ මහාධිකරණ පරිශ්‍රයේදී ඊයේ (14) විවෘත කෙරිණි.

බරපතළ මූල්‍ය අපරාධ, වංචා දූෂණ හා නාස්තිය සම්බන්ධයෙන් දේශපාලනඥයින්, රජයේ නිලධාරීන් මෙන්ම ඕනෑම කෙනෙකුට විරුද්ධව ත්‍රි පුද්ගල විශේෂ මහාධිකරණයේ නඩු ගොනු කළ හැකි බවත් නීතිපතිතුමා හා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එම නඩු පැවරීමේ අයිතිය ඇති බවත් එම අවස්ථාවට එක් වෙමින් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.

මහ බැංකු බැඳුම්කර සිද්ධියට සම්බන්ධ ප්‍රධාන චුදිතයා වශයෙන් නම් කර ඇති මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සහ මිග් යානා ගනුදෙනුවලට අත්‍යවශ්‍ය වී තිබෙන උදයංග වීරතුංග මහතා මෙරටට එවන මෙන් රජයක් ලෙසට ඉල්ලීමක් කර ඇති බවද ඇමැතිනිය පැවසුවාය.

[තියේෂා ද සිල්වා]

මාතෘකා