නීල හරිත ලොවකට ජනපතිගෙන් යෝජනා හතරක්

 ඡායාරූපය:

නීල හරිත ලොවකට ජනපතිගෙන් යෝජනා හතරක්

සුරක්ෂිත පරිසරයක ජීවත්වීමට ඇති අයිතිය සහතික කිරීම සහ තිරසර ගෝලීය ආර්ථික දර්ශක මත පදනම් වූ පරිසර හිතකාමී ආර්ථික ප්‍රවණතා හඳුන්වාදීම අද දවසේ සියලු දෙනාගේ පුධාන වගකීමක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හතරවන සැසිවාරය අමතා සිය විශේෂ දේශනය කරමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

සොබාදහමින් මෙන්ම සංස්කෘතික උරුමයන්ගෙන්ද පොහොසත් රටක් වන ශ්‍රී ලංකාව සොබාදහම සහ සොබාදහමට නෑකම් කියන තිරසර ව්‍යාපාර සඳහා ප්‍රාග්ධනය යෙදවීමට කැමැත්තෙන් සිටින බවත් 2019 ගෝලීය දේශගුණික අවදානම් දර්ශකයෙහි අප රට දෙවන ස්ථානයට වැඩිම අවදානමක් පවතින රට වශයෙන් නම් කිරීම හේතුවෙන් දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකාව දැඩිව කැපව සිටින බවත් ජනාධිපතිවරයා මෙහි දී පැවැසීය.

කඩොලාන තිරසර ලෙස කළමනාකරණය, ආහාර නාස්තිය සහ අපතේ යාම කළමනාකරණය, සමුද්‍රික කසළ සහ ක්ෂ්ද්‍ර ප්ලාස්ටික් කළමනාකරණය, ගන අපද්‍රව්‍ය කළමනාකරණය යන ක්ෂේත්‍ර යටතේ ශ්‍රී ලංකාවේ සම අනුග්‍රාහකත්වයෙන් යෝජනා හතරක් මෙහි දී ජනාධිපතිවරයා ඉදිරිපත් කළේය.

[නිර්මාණී බණ්ඩාරනායක]

මාතෘකා