ටී.එන්.ඒ. කිසිම කොන්දේසියක් දැම්මේ නෑ : ඇමැති රාජිත

ටී.එන්.ඒ. කිසිම කොන්දේසියක් දැම්මේ නෑ : ඇමැති රාජිත

“දෙමළ ජාතික සන්ධානය අයවැයට පක්ෂව ඡන්ද ලබාදීම සඳහා කිසිම කොන්දේසියක් ඉදිරිපත් කළේ නැති බවත් කොන්දේසි ඉදිරිපත් කළ බව කියන්නේ මාධ්‍ය පමණක් බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. මාධ්‍යවේදීන් සමඟ පැවැති සුහද සාකච්ඡාවකදී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාද කිරීමට ඇතැමුන් උත්සාහ කළත්,එය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත් බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

උතුරේ ආරම්භ කර ඇති සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කරන ලෙස ඔවුන් ඉල්ලා සිටියා. ආරුමුගම් තොණ්ඩමන් මන්ත්‍රීවරයාගේ පක්ෂයද අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කළේ කිසිදු කොන්දේසියක් ඉදිරිපත් නොකරමින්.

වත්මන් රජය ඉදිරිපත් කළ අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළා. අයවැය ලේඛනය හොඳ බව ජනාධිපතිවරයා ද පිළිගෙන තිබෙනවා.

අයවැය පරාජය කරමින් ආණ්ඩුව පෙරලා දැමීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් වන බව ඇතැම් පුවත්පත්වල ශීර්ෂ පාඨ පළවී තිබුණා. 2015 ජනවාරි 08 දින සහ 2018 ඔක්තෝබර් 26 දින සිදු කළ විප්ලවවලට සමාන ආකාරයෙන් විප්ලවයක් සිදු කර 2019 වසරේ පැවැත්වෙන මැතිවරණ ද ජයග්‍රහණය කරනවා.

සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ මා ලැබූ ලොකුම ජයග්‍රහණය තමයි මත්පැන්, දුම්වැටි සහ බීඩිවල මිල ගණන් ඉහළ නැංවීම. අහිංසක ජනතාව මෙම උවදුරින් බේරා ගත යුතුයි. බෝනොවන රෝග පාලනය කිරීමේදී දුම්කොළ සහ මත්පැන් භාවිතය අවම කළ යුතු වෙනවා.“

[සුමන උදයන්ත]

මාතෘකා