අන්තරේ කැඳවුම්කරු රක්ෂිත බන්ධනාගාරයට

 ඡායාරූපය:

අන්තරේ කැඳවුම්කරු රක්ෂිත බන්ධනාගාරයට

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මහිල් බණ්ඩාර දෙහිදෙණිය ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ ඔහු අද (14) පෙරවරුවේ කොළඹ 4 මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි. ඊයේ පාර්ලිමේන්තු වටරවුම අසල පොල්දූව මංසන්ධියේ පැවති විරෝධතාවයේදී කළහකාරි ලෙස හැසිරීමේ චෝදනා මත මහිල් බණ්ඩාර දෙහිදෙණිය අත්අඩංගුවට ගැනිණ. ප්‍රතිත්‍රස්ත පනතට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ මෙම විරෝධතාව සංවිධානය කර තිබිණ.