වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික් ටොන් 10,000ක් මිලදී ගනී

 ඡායාරූපය:

වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික් ටොන් 10,000ක් මිලදී ගනී

සේනා දළඹු ව්‍යවසනයෙන් පීඩාවට පත් ගොවීන්ට යම් හේතුවකින් වන්දි නොලැබ අසාධාරණයක් වුවහොත් ඔවුන්ට අභියාචනා ඉදිරිපත් කළ හැකි බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (12) මහවැලි පශු සම්පත් ව්‍යවසාය සමාගම හා සීමාසහිත කුකුළු සංවර්ධන සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩලයේ නව නිලධාරීන්ට පත්වීම් ප්‍රදානයට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

සේනා දළඹුවාගෙන් වැඩිම හානියක් වෙලා තිබුණේ අම්පාර දිස්ත්‍රික්කයට. ඒ වගේම මොනරාගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල. මේ වගේ දිස්ත්‍රික්කත් එක්ක ඉතුරු දිස්ත්‍රික්කවල ඉතා සුළු වශයෙන් හානියක් වෙලා තිබුණේ. සේනා දළඹුවාගේ හානිය සිදුවුණත් මෙවර තමයි ලංකා ඉතිහාසයේ වැඩිම බඩඉරිු අස්වැන්නක් අපිට ලැබිලා තියෙන්නේ.දළ වශයෙන් මෙ.ටො. ලක්ෂ 3ක් පමණ අපි ගණන් බලපු හැටියට දැනට ලැබිලා තියෙන්නෙ. මං හිතන්නේ ඉතාම සාර්ථක අස්වැන්නක් ලැබිලා තිබෙනවා. සේනා දළඹුවාගේ හානිය ඉතාම අවම මට්ටමක්. දළ වශයෙන් සියයට 10කටත් අඩු හානියක් තමයි අපි හුක් තැන්වල දැක්කේ. සමහර තැන්වල පූර්ණ හානි වෙලා තිබුණා. අර්ධ හානි තිබුණා. සමහර තැන්වල බඩඉරිු පත්‍රවලට පමණක් හානිවෙලා තිබුණත් කරලට හානියක් නොවුණු අවස්ථා නිසා සාර්ථක අස්වැන්නක් ලැබුණා.

සේනා දළඹුවාගේ මර්දනය සහ පාලනය වෙනුවෙන් ඉතාම වැදගත් යුතුකමක් ඉටු කළේ අපේ රටේ මාධ්‍ය ආයතනවලින් ලබා දුන්නු සහයෝගය. විද්‍යුත් මාධ්‍ය, අනෙකුත් මාධ්‍ය ආයතන විශාල සහයෝගයක් අපිට ලබා දුන්නා. මේ මාධ්‍යවලින් ලබා දුන්නු ප්‍රචාරය නිසා ගොවීන් දැනුවත් වුණා. නිලධාරින් දැනුවත් වුණා. රජයේ මැති ඇමතිවරුන් වගේම අතිගරු ජනාධිපතිතුමාගෙන් ලැබුණු සහයෝගය වටිනවා. එතුමා මේ වෙනුවෙන් කාර්ය සාධන බලකායක් පිහිටෙව්වා. කෘෂිකර්ම අමාත්‍යාංශය මුල් කරගෙන. අගමැතිතුමා මේ සම්බන්ධයෙන් දිනපතා වාර්තා ඉල්ලුවා. සේනා දළඹුවා පාලනය කරන්න ගත්ත ක්‍රියාමාර්ග වගේම කැබිනට් මණ්ඩලය සේනා දළඹුවාගෙන් වුණු හානිය සම්බන්ධයෙන් වන්දි ගෙවීමට අවශ්‍ය මුදල් අපට ලබා දුන්නා. ඒක නිසා අපිට මේ සම්බන්ධයෙන් රජය වගේම පෞද්ගලික අංශය කෘෂිවිද්‍යාඥයින් වගේම දේශීය බෙහෙත් හොයාගන්න අය අපිට විශාල සහයෝගයක් දුන්නා, සේනා දළඹුවාගෙන් වුණු හානිය අඩුකර ගන්න. මේ සියලුම මාධ්‍ය ආයතනවලට අපි ස්තූති කරනවා.

මෙහිදී අමාත්‍යවරයා වී මිලදී ගැනීමේ කටයුතු පිළිබව අදහස් පළ කළේය. වී අලෙවි මණ්ඩලයට මේ සැරේ කෙලින්ම මුදල් යවන්නේ නෑ. දිසාපතිවරුන්ට මුදල් එවන්නේ. දැනටමත් ලංකාවේ සියලුම දිසාපතිරුන්ට මුදල් යවලා තියෙනවා. අනුරාධපුරයේ සියලුම ගබඩා ඇරලා තියෙන්නේ. ලංකාවේ ගබඩා 210ක් තියෙනවා. වී අලෙවි මණ්ඩලය සතුව. ඒවා සියල්ල විවෘත කරලා තියෙනවා. කාට හරි වී ගබඩාවට දුර පිළිබ ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ළ තියෙන පෞද්ගලික අංශයේ වී ගබඩාවක් කුලියට අරන් එතනට නිලධාරීන් යවලා වී මිලදී ගැනීම කරනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිසාපතිවරයාට අවශ්‍ය තරම් මුදල් එවලා තියෙනවා. තව මුදල් අවශ්‍ය නම් දෙනවා. කැබිනට් මණ්ඩලය මිලියන 5000ක් මේවෙනුවෙන් අනුමත කරලා දීලා තියෙනවා. ඒ මුදල ප්‍රමාණවත් නොවේ නම් අගමැතිතුමා කිව්වා තවත් මුදල් ප්‍රතිපාදන ලබා දෙන්නම් කියලා. දැනට වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික් ටොන් 10,000ක් විතර මිල දී අරගෙන තිබෙනවා. එයින් වැඩිම මිල දී ගැනීම උතුරු පළාතෙන්.

ගොවි මහත්තුරුන්ට මම කියන්නේ කරුණාකරලා සියයට 14ක තෙතමනය හිටින විදිහට වියලලා වී අලෙවි මණ්ඩලයේ ගබඩාවට ගෙනැල්ලා දෙන්න. කොහේහරි ගබඩාවක වී ගන්නේ නැත්නම් අපේ සභාපතිතුමාට හරි මට හරි කථා කරන්න. ඒ සම්බන්ධයෙන් මැදිහත් වෙලා මේකට අවශ්‍ය පියවර ගන්න පුළුවන්. ගොවි මහත්තුරු වෙනදට නම් ගොයම් කපලා දවස් 3ක් විතර කුඹුරේ වේලෙන්න දානවා. ඊට පස්සේ තමයි කොළ මිටියක් බැදලා කමතට ගෙනැල්ලා මේක කමතෙදි පාගලා වී කරලා ගේන්නේ. එතකොට මේ තෙතමනය ඉතාමත්ම අඩු මට්ටමකට එනවා. හැබැයි අද තත්ත්වය මේක නෙවෙයි. මැෂින් එකේ කපලා ගෝනිවලට දාලා එවෙලෙම ගේනවා. මේ වී තොග අපි ගබඩා කරන්න ඕනේ. සමහර විට මාස 6ක්,අවුරුද්දක් වෙන්න පුළුවන්. මේ තෙතමනයත් එක්ක වී පුස් කනවා. ජනතාවගේ මුදලු නාස්ති වුණොත් ඒ චෝදනාවත් එල්ල වෙන්නේ අපිට. වී ටික හරියට වේලලා ගේන්න. මේ වී අද අරන් හෙට හාල් කරන්නේ නෑ. අපිට මේ වී තොග කල් තබාගන්න අවශ්‍යයි. හැබැයි වී මෝල් හිමියන් අද අරන් හෙට තම්බලා වී කොටනවා. ඒ නිසා ඒ අයට තෙත වී ගත්තා කියලා ප්‍රශ්නයක් නැහැ.

ගොවි ජනතාව නියෝජනය කරන ප්‍රදේශයක නියෝජිතයෙක් හැටියට මම කියන්නේ මේ වී මිලේ වැඩිවීමක් විය යුතුයි. මොකද කන්න කිහිපයකින් මිල වැඩිවෙලා නැහැ. හැබැයි අපිට මේකට හරි ක්‍රමවේදයක් තිබ්බේ නෑ. වැඩි මිලට වී ගත්තොත් වී මෝල් හිමියෝ කියනවා හාල් මිල වැඩි කරන්න කියලා. එතකොට පාරිභෝගික ජනතාවට විශාල මුදලක් වැය කරන්න වෙනවා. මේකට අපි ක්‍රමවේදයක් හදනවා. වී කිලෝ එකක් රු.38ට ගන්නකොට හාල් කිලෝ එකක උපරිම මිල රු.80යි. අපි වෙළ හිමියෝ, ගොවි මහත්වරු, අපේ පර්යේෂණ අංශ එක්ක සාකච්ඡා කරලා තමයි මේ ක්‍රමවේදය හැදුවේ. හමවෙලේම වී මිලේ වැඩිවීම වෙනකොට 2.1කින් හාල් මිල වැඩි වෙන්න ඕනේ. ඊළ යල කන්නයේ ඉදන් හරි වී මිලේ වැඩිවීමක් වෙන්න ඕනේ.ගොවියාට සාධාරණ වෙන්න ඕන. මේ ක්‍රමවේදයට ගියොත් කන්නයෙන් කන්නයට හරි අවුරුද්දෙන් අවුරුද්දට වී මිල වැඩි කරන්න පුළුවන්. එතකොට ගොවියාටත් ඒ වාසිය ලැබෙනවා. පාරිභෝගිකයාටත් ලැබෙනවා. අවුරුදු ගණනාවක් කතා කළත් හරි ක්‍රමවේදයක් හදා ගන්න බැරිවුණා. මේ වතාවේ ගොවි සංවිධාන ඒ වගේම වී මෝල් හිමියන් ව්‍යාපාරිකයෝ සියලුදෙනා සාකච්ඡා කරලා දින ගණනාවක් මේ ක්‍රමවේදය හැදුවා. ඒ නිසා අනාගතයේ ගොවීන්ට ප්‍රශ්නයක් නෑ.