සක්යා සරසවි අභිෂේක මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන්

 ඡායාරූපය:

සක්යා සරසවි අභිෂේක මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන්

2017 හා 2018 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයන්හි විශිෂ්ට ප්‍රතිඵල ලැබ සරසවි වරම් දිනූ සක්යා උසස් අධ්‍යාපන ආයතනයේ සිසු සිසුවියන් ඇගැයීම වෙනුවෙන් පැවැත්වුණු, සක්යා සරසවි අභිෂේක මංගල්‍යය, පසුගියදා (08) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණු අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක් විය.

උසස් පෙළ කඩඉම විශිෂ්ට ලෙස සමත් වූ සක්යා දූ පුතුන්ට මෙහිදී සිය සුබපැතුම් පළ කළ ජනාධිපතිවරයා කියා සිටියේ විභාග ජය ගැනීමට මෙන්ම ජීවිත ජය ගැනීමේ මඟපෙන්වීමද දූ දරුවන් වෙත ලබාදීමට පෞද්ගලික අධ්‍යාපන ආයතන වෙතද වගකීමක් පැවරෙන බවයි. විශිෂ්ට ලෙස සමත් වූ සක්‍යා සිසු සිසුවියන් වෙත සහතික පත් පිළිගැන්වීමද එහිදී ජනාධිපතිවරයා අතින් සිදු විය.


ජනප්‍රිය ලිපි