නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් රේගුවෙන් අල්ලයි

 ඡායාරූපය:

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් රේගුවෙන් අල්ලයි

නීති විරෝධී ලෙස දිවයිනට රැගෙන ආ රුපියල් තිස් නව ලක්ෂයකට ආසන්න දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙන් තිදෙනෙකු අද (05) අලුයම කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සාජාහි සිට අලුයම 3.30ට පමණ පැමිණ ඇති අතර සැකකරුවන් ගුවන් භාණ්ඩ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ග්‍රීන් චැනලය ඔස්සේ පිටව යාමට උත්සව දරා තිබේ. පසුව කළ පරීක්ෂාවේදී ඔවුන් සන්තකයේ තිබී දුම්වැටි තොගය සොයා ගැනීමට හැකිවූ බව රේගු නිලධාරීන් පවසයි. දුම්වැටි හැත්තෑදහසකට අධික ප්‍රමාණයක් අඩංගු කාටුන් 354ක් හමුව තිබේ. සැකකරුවන් අවුරුදු 58, 40 හා 18 වැනි වයස්වල පසුවන මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.