පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 13ක් මසකට වරක් පොලිසියේ පෙනී ඉඳලා

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 13ක් මසකට වරක් පොලිසියේ පෙනී ඉඳලා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවට ගෙන සිටින 13 දෙනෙකු මීට පෙර මාසයකට වරක් කාත්තන්කුඩි පොලිසියේ පෙනී සිට ඇති බව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදුන් කාත්තන්කුඩි පොලිස් ස්ථානාධිපති ඩී. කස්තුරිආරච්චි මහතා පැවසීය.

2017 වසරේ අගෝස්තු මස පළමුවනදා තමන් කාත්තන්කුඩි පොලිස් ස්ථානයේ රාජකාරි භාරගත් බව සඳහන් කළ කස්තුරිආරච්චි මහතා එවකට ප්‍රදේශයේ සාමකාමී වාතාවරණයක් පැවති බව සඳහන් කළේය.

සහරාන් හෂීම් සහ ඔහුගේ සහෝදරයා ඒ වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවට තොරතුරු වාර්තා වූ බව කාත්තන්කුඩි පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

තමාගේ කාලය තුළ ඔවුන් සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් නොවූ බවද විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් ඔහු කියා සිටියේය.

[හංසිකා ජයවික්‍රම]

මාතෘකා