පොළොන්නරුව ඓතිහාසික පොසොන් මහා පෙරහැර ජනපති ප්‍රධානත්වයෙන්

 ඡායාරූපය:

පොළොන්නරුව ඓතිහාසික පොසොන් මහා පෙරහැර ජනපති ප්‍රධානත්වයෙන්

පොළොන්නරුව ඓතිහාසික පොසොන් මහා පෙරහැර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) පස්වරුවේ ඓතිහාසික වටදාගෙය අසළින් ආරම්භ කෙරිණි.


චිරාගත සම්ප්‍රදායානුකූලව ජනාධිපතිවරයා මංගල හස්ති රාජයා මත කරඬුව තැන්පත් කිරීමෙන් අනතුරුව පෙරහැර ආරම්භ විය.  පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති පූජ්‍ය පණ්ඩිත වෙඬරුවේ උපාලි නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වශන්සේලාගේ අනුශාසකත්වයෙන් හා දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතනල පුලතිසි ගොවි ජනතාවල ස්වේච්ඡා සංවිධාන හා ව්‍යාපාරික ප්‍රජාවගේ පූර්ණ දායකත්වයෙන් වාර්ෂිකව පෙරහැර සංවිධානය කෙරේ.