කොළඹ ෂැන්ග්‍රිලා හෝටලය අද යළිත් පාරිභෝගිකයන් සඳහා විවෘත වේ

 ඡායාරූපය:

කොළඹ ෂැන්ග්‍රිලා හෝටලය අද යළිත් පාරිභෝගිකයන් සඳහා විවෘත වේ

පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු කොළඹ ෂැන්ග්‍රිලා හෝටලය අද (12) සිට නැවත විවෘත වේ.  ඒ අනුව අද පස්වරු 6.00 සිට හෝටලය පාරිභෝගිකයන් සඳහා විවෘත වන බව හෝටල් පාලනාධිකාරිය පවසයි.


පසුගිය අප්‍රේල් 21 වැනිදා කොළඹ කිංග්ස්බරි, සිනමන් ලේක් සයිඩ් හා ෂැන්ග්‍රිලා හෝටල් තුනට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල විය. කිංග්ස්බරි හා සිනමන් හෝටල් දෙක මීට පෙර නැවත විවෘත කෙරුණු අතර ෂැන්ග්‍රිලා හෝටලය විවෘත කිරීම ප්‍රමාද කෙරිණි.   හෝටලයට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන්ගේ පවුල්වලට හා තුවාල ලැබූවන්ට සහන සැලසීමටද වැඩපිළිවෙළක් දියත් කර ඇතැයි ෂැන්ග්‍රිලා හෝටලේ සන්නිවේදන ඒකකය පවසයි.

 

එහි නවීන නවාතැන් පහසුකම් සහිත සුඛෝපභෝගී කාමර 500ක් සහ සේවා සපයන නිවාස 41කින් සමන්විත වේ. සිය පරිභෝගිකයින්ට විශිෂ්ට ආහාර පානවලින් සංග්‍රහ කෙරෙන මෙරට ප්‍රමුඛතම තරු පන්තියේ හෝටලයක් වේ.