කාදිනල් හිමිපාණන් රතන හිමියන්ගේ සුවදුක් විමසීමට මහනුවරට යයි

 ඡායාරූපය:

කාදිනල් හිමිපාණන් රතන හිමියන්ගේ සුවදුක් විමසීමට මහනුවරට යයි

අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද (03) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගාව අබියස අඛණ්ඩ උපවාසයක නිරතව සිටින පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ සුවදුක් විමසීම සඳහා පැමිණියේය.

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ අසාද් සාලි, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරු එම ධුරවලින් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් හතරක් මුල්කරගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් දළදා මාළිගාව අබියස අඛණ්ඩ උපවාසයක් ආරම්භ කළේ ඉකුත් සිකුරාදායි.

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් මහනුවර දළදා මාළිගාව ඉදිරිපිට ආරම්භ කර ඇති උපවාසයට සහයෝගය දක්වා හැටන් නගරයේ පාගමනක් සහ උන්වහන්සේට සෙත් පතා ආශිර්වාද පූජාවක් පවත්වනු ලැබීය. මෙම පාගමන සහ ආශිර්වාද පූජාව හැටන් නිග්‍රෝධාරාම විහාරස්ථානයේ විහාරධිපති මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝ නායක ශ්‍රාස්ත්‍රපති මහගම විමල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.  පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අද (03) සිව්වන දිනටත් මෙලෙස උපවාසයේ නිරත වෙයි.