බලපත්‍ර නොමැතිව අලි පැටවෙකු ළඟ තබාගත් විනිසුරුවරයාට සිතාසි

 ඡායාරූපය:

බලපත්‍ර නොමැතිව අලි පැටවෙකු ළඟ තබාගත් විනිසුරුවරයාට සිතාසි

බලපත්‍ර නොමැතිව අලි පැටවකු තබා ගැනීමේ චෝදනා ලැබ සිටින වැඩ තහනමකට ලක් වූ මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඇතුළු විත්තිකරුවන් හතරකට කොළඹ මහාධිකරණය විසින් අගෝස්තු 30 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබේ.

 

නීතිපති ඉදිරිපත් කළ අධිචෝදනා පත්‍ර සලකා බැලීමෙන් පසුව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් නොතීසි නිකුත් කළේය. බලපත්‍රයක් නොමැතිව සකුරා’ නමැති අලි පැටවකු තබා ගැනීම තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදුකර ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් තිලිණ ගමගේ මහතා ඇතුළු හතර දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩු පවරනු ලැබිණ.

 

සෙසු විත්තිකරුවන් ලෙස අලි පැටවාගේ මුල් අයිතිකරු ලෙස‍‍ පෙනී සිටි චන්ද්‍රරත්න බණ්ඩාර යටවර, වනජීවී දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂවරයකු වන උපාලි පද්මසිරි සහ ලිපිකාරිනියක වන ප්‍රියන්කා සංජීවනී යන අය නම් කර ඇත.