කටුවාපිටියේ විපතට පත්වූවන් සඳහා නිවාස ව්‍යාපෘතියක්

 ඡායාරූපය:

කටුවාපිටියේ විපතට පත්වූවන් සඳහා නිවාස ව්‍යාපෘතියක්

පසුගිය පාස්කු ඉරිදා කටුවාපිටිය දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් විපතට පත් පවුල් වෙනුවෙන් නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර තිබේ.

 

රුපියල් ලක්ෂ 504ක මුදලක් නිවාස සංවර්ධන අධිකාරිය ඊට වැය කරන අතර කටුවාපිටිය දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් විපතට පත් පවුල් වෙනුවෙන් නිවාස තැනීමට අගරදගුරු පදවි සහන අරමුදල රුපියල් ලක්ෂ 410ක වියදමින් භූමි භාගයක් මිල දී ගෙන තිබේ.

 

එම භූමියට අදාළ තෑගි ඔප්පුව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් සෙත් සරණ අධ්‍යක්ෂ ලෝරන්ස් රාමනායක පියතුමන් වෙත පිළිගැන්වීම පසුගියදා සිදු කරනු ලැබීය. නිවාස ව්‍යාපෘතියට අදාළ සැලැස්මේ ලිපිගොනු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අගරදගුරු හිමිපාණන් වෙත බාර දෙනු ලැබුවේ නිවාස යෝජනා ක්‍රමයට මුල්ගල තබන උත්සවයේදීය.