උඩවලව ජාතික වනෝද්‍යානයට නීති විරෝධීව ඇතුළු වූ පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට

 ඡායාරූපය:

උඩවලව ජාතික වනෝද්‍යානයට නීති විරෝධීව ඇතුළු වූ පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට

උඩවලව ජාතික වනෝද්‍යානයට නීති විරෝධීව ඇතුළු වූ පුද්ගලයින් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

හම්බෙගමුව සහ තණමල්විල යන ප්‍රදේශ ආශ්‍රිතව උඩවලව වනෝද්‍යානය තුළ සිදුකළ වැටලීම්වලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

 

ඔවුන් සතුව තිබී මෙරට නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් සහ බෙහෙත් කොටන තුවක්කු දෙකක් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්යය බලකා සූරියවැව කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම කර තිබේ.