උපාධිධාරීන් 16,000කට මේ මස අගදී පත්වීම්

 ඡායාරූපය:

උපාධිධාරීන් 16,000කට මේ මස අගදී පත්වීම්

උපාධිධාරීන් 16,000කට මේ මස අගදී පත්වීම් ලබාදීමට රජය කටයුතු කරන බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

 

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ එම අමාත්‍යංශයේ රුපියල් මිලියන 319.8ක ප්‍රතිපාදන යටතේ හැටන් සිට වැලිඔය හරහා වටවල දක්වා කිලෝමිටර 10ක දුර ප්‍රමාණයක් කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව අද (21) ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ 2015 වසරේ වත්මන් රජය බලයට පත්වීමේදී විශාල ණය බරක්, කුණු කන්දක්, සයිටම් ගැටලුව, ජාතීන් අතර අසමඟිය ඇතුළු ප්‍රශ්න ගණනාවක් මධ්‍යයේ රට බාරගත් බවයි.