‘ශිල්ප සේනා ප්‍රදර්ශනය’ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරේ

 ඡායාරූපය:

‘ශිල්ප සේනා ප්‍රදර්ශනය’ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරේ

රට තුළ තාක්ෂණික විප්ලවයක් ඇති කරමින් දළ දේශීය ආදායම ඉහළ නැංවීමට දායකත්වය ලබාදෙන ව්‍යවසායකයන් දැයට දායක කිරී‌මේ 'ශිල්ප සේනා ප්‍රදර්ශනය' අද (18) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී විවෘත වන බව විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ ඇමැති සුජීව සේනසිංහ මහතා පවසයි.

 

නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සහ කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතය. අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ප්‍රකාශ කළේ දිරිමත් ව්‍යවසායකයකු ලෙස වෙළෙඳපොළ අවස්ථාව ලබාගනිමින් ‍තම ආදායම සරු කරගෙන රට සංවර්ධනයට දායකත්වයක් දැක්වීමට අවස්ථාව සලසා ගැනීමට ප්‍රදර්ශනය නැරඹීමට එක්වන ලෙස ප්‍රජාවගෙන් විවෘත ආරාධනයක් කරන බවයි.

 

අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ ඊයේ (17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදීය. අධීක්ෂණ මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතාද මෙම අවස්ථාවට එක් විය. මෙම 21 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශිල්ප සේනා ප්‍රදර්ශනය නිමා වෙයි.